අද ඇරඹෙන නව පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අවසර ලබාදී තිබුණ ද ඔහු සිය සහභාගිත්වය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි වාරයට සහභාගි වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රඹුක්වැල්ල මහතාට අවසර ලැබුණු බව බන්ධනාගාර ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී නීතිවිරෝධී ලෙස ප්‍රතිමියෙන් තොර ප්‍රතිදේහ එන්නත් තොග ආනයනය කිරීමේ සිද්ධියකට අදාළව චෝදනා ලැබ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර අසනීප තත්ත්වයෙයන් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ඔහු ඊයේ දිනයේදී සිය පරිසර ඇමතිකමින් ඉල්ලා අස්විය.