fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPටෙයිලර් ස්විෆ්ට් ඉතිහාසයට එක්කරමින් ග්‍රැමී සම්මාන උළෙලේ තාරකාවෝ බැබළෙති (📹📸)

    ටෙයිලර් ස්විෆ්ට් ඉතිහාසයට එක්කරමින් ග්‍රැමී සම්මාන උළෙලේ තාරකාවෝ බැබළෙති (📹📸)

    66 වැනි වාර්ෂික Grammy සම්මාන උළෙල ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ Crypto.com Arena හිදී පැවැත්විණි.

    සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තම සම්මාන උළෙල වන මෙම සම්මාන රාත්‍රිය මෙවර බැබළුණේ තාරකාවන්ගේ ආලෝකයෙනි.

    ඊට හේතුවූයේ මෙවර සම්මානයට පාත්‍රවෙමින් ඉතිහාසයට එක්වන වාර්තා තැබූ සම්මානලාභීන් බොහොමයක් කාන්තාවන් වීමයි.

    ටේලර් ස්විෆ්ට් මෙම සම්මාන උළෙලේදී ඉතිහාසගත වූයේ ඇයගේ ‘මිඩ්නයිට්ස්’ ගීත ඇල්බමය සඳහා වසරේ හොඳම ගීත ඇල්බමයට හිමි සිව්වන සම්මානය ද හිමිකර ගනිමිනි. මෙය මෙතෙක් කලාකරුවකු විසින් එකම ඇල්බමයක් වෙනුවෙන් එකම වර්ගීකරණය යටතේ මෙතරම් වාරයක් සම්මාන ලබාගත් පළමු වතාවයි. ග්‍රැමී වේදිකාවේදී ඇය එම ඇල්බමය වෙනුවෙන් හොඳම පොප් ගායන ඇල්බමය, වසරේ හොඳම ගීත ඇල්බමය යන සම්මාන ද්විත්වයම හිමිකර ගත්තාය.

    මුළුමනින්ම පාහේ රන් පැහැ යතුරුකටුවලින් නිර්මාණය වූ අපූරු ඇඳුමක් ඇඳගෙන සම්මාන උළෙලට පැමිණි මිලී සයිරස් සිය ‘ෆ්ලවර්ස්’ ගීතය ඉදිරිපත් කරමින් සම්මාන උළේලේ වේදිකාව හැඩ කර පැය 2කට පසුව එම වේදිකාවේදීම වසරේ හොඳම පොප් ගීත ඒකල රංගනයට සහ වසරේ වාර්තාගත ගීතයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා ය.

    වසරේ හොඳම ගීතය බාර්බි චිත්‍රපටයේ එන බිලී අයිලිෂ් විසින් ගායනා කළ ‘What Was I Made For?’ ගීතයයි.

    හොඳම අප්‍රිකානු ප්‍රාසාංගිත සංගීතය සඳහා වන ග්‍රැමී සම්මානය ප්‍රථම වරට සම්මාන ලබමින් දකුණු අප්‍රිකාවේ ටයිලා ඉතිහාසගත විය. ගායිකාවක මෙන්ම ගීත රචිකාවියක ද වන ජොනී මිෂෙල් සිය වෘත්තීය දිවියේ 10 වැනි තරඟකාරී ග්‍රැමි සම්මානය හිමිකර ගත්තා ය. ඒ වසරේ හොඳම ජන ගී ඇල්බමය සඳහායි. ඇය මෙවර ග්‍රැමී වේදිකාව වර්ණවත් කළේ 80 වැනි විය ගතකරමින් සිටින විට ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.