ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 පෙබරවාරි 03) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘INS Karanj’සබ්මැරීනය, දිගින් මීටර් 67.5 ක් හා කාර්ය මණ්ඩලය 53 දෙනකුගෙන් සමන්විත ය.
එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් අරුනාබ් කටයුතු කරනු ලබයි.
‘INS Karanj’සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ එහි මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් සහභාගී වීමට නියමිතව ඇත.
සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.
තවද, මෙම නිල සංචාරය නිමා කරමින් 2024 පෙබරවාරි මස 05 වන දින ‘INS Karanj’ සබ්මැරීනය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.




