තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තරුණයන් මත්කරන්න ගෙනා කෝටි 40 මත් කරල් STF මෙහෙයුමකින් අල්ලයි

    තරුණයන් මත්කරන්න ගෙනා කෝටි 40 මත් කරල් STF මෙහෙයුමකින් අල්ලයි

    ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ නීතිවිරෝධිව රැගෙන විත් බෙදාහැරීමට සූදානම්කර තිබුණු මත්කුඩු ලෝලීන් මත්වීමට යොදාගන්නා වේදනානශක ඹෟෂධ කරල් 1,92,000ක් පොලිස් විශේෂ කාර්ය බලකාය වත්තල අප්පුගේ වත්තේ පිහිටි නිවසකින් සොයාගෙන ඇත.

    මෑත කාලයේදී මෙම මත්කරල් සොයාගත් වැඩිම ප්‍රමාණය වන්නේ මෙයයි. මෙම කරල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 10ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ.

    විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දීර්ඝ කාලයක් තිස්සේ කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම කර ඇත්තේ විශේෂ කාර්ය බලකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයැවීම මතය.

    ඉන්දියාවේ සිට බෝට්ටුවලින් රැගෙන විත් ඇති මෙම මත් කරල් තොගය පසුව මන්නාරමේ සිට පුත්තලමට ගෙනවිත් එහි ටික දිනක් සඟවා තිබී ඇතැයිද විමර්ශන වලින් අනාවරණය වී ඇත. වත්තල රැගෙන විත් ඇත්තේ අනතුරුවය.

    කොළඹ හා ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව මෙම මත්කරල් බෙදා හරිනු ලබන්නේ වත්තල නිවසේ සිටය.

    මෙම නිවසේ කාමරයක ගොඩ ගසා මෙම මත්කරල් තොගය තිබී ඇත. එම නිවස මාසයකට රුපියල් 30,000ක කුලියකට මෑතකදී ලබාගෙන ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. මත්කරල් ගබඩාකරගෙන බෙදා හරිනු ලබන්නේ බදුල්ලේ තරුණයෙකි. එම තරුණයා මෙම නිවසේ රැදී සිටින්නේ මව බිරිඳ දරුවා සහ සහෝදරයෙක් සමගිනි. මෙම සැකකරුව මෙහෙයවනු ලබන්නේ මහනුවර පදිංචි පුද්ගලයෙකු විසිනි. ව්‍යාපාරික වෙස් ගෙන සිටින ඔහු කෝටිපතියෙකි.

    විශේෂ කාර්ය බලකාය විසින් වත්තලින් ඊයේ මෙම මත්කරල් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෙළිවූ තොරතුරු මත මහනුවර සිටින ඡාවාරම්කරුගේ නිවසටද ගොස් ඇත. විශේෂ කාර්ය බලකාය එහි යන විට ඔහු සිට ඇත්තේ පළාගොසිණි.

    මෙම වේදනා නාශක ඖෂධය වෛද්‍ය නිර්දේශ මත ඔසුසල්වලින් නිකුත්කරනු ලබන්නේ රුපියල් 25ක් වැනි මුදලකටය. එහෙත් මත්කුඩු ලෝලීන් මෙකරල මත්වීමට ජාවාරම්කරුවන් අලෙවිකරනු ලබන්නේ රුපියල් 100-150ත් අතර මිලකටය.

    වත්ලින් අත්අඩංගුවටගත් සැකකරු කුලී නිවාස මාරුකරමින් මෙම ඡාවාරමට සම්බන්ධව සිටින බවත් ඔහුට මෙසේ මත්කරල් බෙදා හැරීම වෙනුවෙන් මහනුවර ඡාවාරම්කරු විසින් රුපියල් 75,000ක මාසික වැටුපක් ගෙවන බවත් විමර්ශන වලින් හෙළිවී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img