නිසි ක්‍රමවේදයෙන් තොරව HUMAN IMMUNOGLOBULIN නැමැති ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන යොදා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට වෙත සපයා වංචා කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශනයට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගත් හිටපු සෞඛ්‍ය ඇමති සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
බන්ධනාගාරයට ඔහුව රැගෙන යාමත් සමඟ හදිසියේම අසනීප තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ඔහුව ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට මේ වන විට ඇතුලත්කර ඇති බව බන්ධනාගාර තොරතුරු අනාවරණය කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 01 නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනිම පොලිස්පති අණදෙන මැදිරියට වාර්තාකර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රුපියල් 36,381875/40 ක මුදල් සාවද්‍ය පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම හා අනුබලදීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල (69) මහකාව පොදු දේපොල විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවය.