ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාලව
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම අද පනවනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නියෝගයක්ද ලබාදෙමිනි.
මෙම ඖෂධ වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයකදීම කැදවා තිබුණත් ඔහු මග හැරීම හේතුවෙන් මෙම නියෝගය ලබාදී ඇති බව සහන්ය. ඊයේ දිනයේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණත් ඔහු පෙනී නොසිට වෙනත් දිනයක් ඒ සදහා ඉල්ලා තිබුණි.