අනියම් බිරිඳගේ දියණිය වයස අවුරුදු 10 සිට වසර 07ක් තිස්සේ විටෙන් විට දූෂණය කළ පොලිස් කොස්තාපල්වරයෙකුව වැලිවේරිය පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.
පූගොඩ පොලීසියට අනුයුක්තව සේවයේ නිරතව සිටින මෙම කොස්තාපල්වරයා විවාහකයෙක් බව පොලීසිය කියයි.
එම දියණිය මේ වනවිට 17 වැනි වියෙහු පසුවන්නීය.
පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වෙනිදා දක්වා මෙම පොලිස් කොස්තාපල්වරයාව රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.
මෙම නිලධාරියාගේ වැඩතහනම් කිරීමටද ගම්පහ පොලිස් අධිකාරීවරයා පියවර ගත්තේය.