fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආන්දෝලනාත්මක ඔන්ලයින් නීතිය ක්‍රියාත්මකයි

    ආන්දෝලනාත්මක ඔන්ලයින් නීතිය ක්‍රියාත්මකයි

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.

    ඒ සමඟම මෙම පනත බලාත්මක වේ.

    පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කරනු ලැබූවේ දේශීය මෙන්ම ජාත්‍යන්තර බොහෝ පාර්ශ්වවල විරෝධය මධ්‍යයේ ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 සහ 80 වැනි ව්‍යවස්ථා යටතේ 74 වැනි ස්ථාවර නියෝගය අනුව කථානායකතුමාගේ සහතිකය සටහන් කිරීමෙන් පනත් කෙටුම්පත, පනතක් බවට පත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.