රාජ්‍ය අංශය තුළ පනවා ඇති විශ්‍රාම වයස් සීමාව දේශපාලනයට ද අදාළ විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.
වයස අවුරුදු 65 ට පෙර දේශපාලනයෙන් සමුගෙන රටටම ආදර්ශයක් ලබාදීමට තමා අදහස් කරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියාසිටී.
නුගේගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ “අපේ ඉතිහාසයේ තියෙන සාක්ෂි අනුව බලද්දී, ආණ්ඩුකාරවරයකුට වයස අවුරුදු 80 ක් පමණ වෙද්දී ඔහුට තම රාජකාරිය කිරීමට හොඳ මනසක් තියෙනවාද? අපි මගේ දේශපාලන ජීවිතය ආදර්ශයට දීලා බලමු. මම ලෑස්තියි වයස අවුරුදු 65 ට කලින් විශ්‍රාම යන්න.” යනුවෙනි.