fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු යුද හමුදාපතිවරයෙක් සජිත් සමඟ එක්වෙයි

    හිටපු යුද හමුදාපතිවරයෙක් සජිත් සමඟ එක්වෙයි

    හිටපු යුද හමුදාපතිවරයකු වන ජෙනරාල් දයා රත්නායක මහතා අද සමගි ජන බලවේග පක්ෂය සමඟ එක්ව තිබේ.

    ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුද හමුදාපතිවරයායි.

    ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස පත් කර ඇත.

    එය පක්ෂයේ ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නයන් සඳහා ඔහුගේ විශේෂඥතාව උපයෝගී කර ගන්නා සුවිශේෂී පියවරක් සනිටුහන් කරන බව සමගි ජන බලවේගය නිවේදනය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.