fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෝමාලි කොල්ලකරුවන් පැහැරගත් ලාංකික ධීවරයෝ මුදාගැනෙති

    සෝමාලි කොල්ලකරුවන් පැහැරගත් ලාංකික ධීවරයෝ මුදාගැනෙති

    අරාබි මුහුදේදී අතුරුදන් වූ “ලොරෙන්සෝ පුතා 4” යාත්‍රාව මුදවා ගෙන තිබේ. ඒ සමඟ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් 03 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

    එම යාත්‍රාව ෂිසෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගත් බවත් එහි සිටි ධීවරයන් 06 දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බවත් ශ්‍රි ලංකා රජය වෙත දැනුම් දී ඇත.

    මේ බව සීෂෙල්ස් නාවික හමුදාව විසින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත අද (29) නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.

    මේ වන විට එය ෂීසෙල්ස්හි, වික්ටෝරියා වරාය වෙත ගෙන යමින් තිබෙන බව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

    සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගන්නා ලද ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් සීෂෙල්ස් හමුදා විසින් මුදා ගත් බවත් ‘සීෂෙලෝයිස් විශේෂ හමුදා බළකාය යාත්‍රාවේ සම්පූර්ණ පාලනය සියතට ගෙන අපේ ශ්‍රී ලාංකීය සහෝදරයන් බේරා ගැනීමට උපරිම ධෛර්යයකින් බෝට්ටුවට ගොඩවූ බව’ ජනාධිපති වේවල් රාම්කලවාන්ගේ කාර්යාලය නිවේදනය කර තිබුණි.

    “ලොරෙන්සෝ පුතා 4” බහුදින ධීවර යාත්‍රාව පසුගිය ජනවාරි 12 වනදා ධීවරයන් 06 දෙනෙකු සමගින් දික්ඕවිට ධීවර වරායෙන් සිය මංගල මුහුදු ගමන අරඹා තිබිණ.

    එම යාත්‍රාව ගොඩබිමේ සිට නාවික සැතපුම් 1,160ක් දුරින් වු අරාබි මුහුදු ප්‍රදේශයේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

    ඒ අනුව අතුරුදන් යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බහරේනයේ පිහිටි රටවල් 40කින් සමන්විත ඒකාබද්ධ සමුද්‍රීය බලකායට දැනුම් දෙනු ලැබීය.

    ෂීසෙල්ස් වෙරළාරක්ෂක බලකාය “ලොරෙන්සෝ පුතා 4” බහුදින ධීවර යාත්‍රාව සොයා විශේෂ මෙහෙයුමක් දියත් කළ අතර එහිදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ ධීවර යාත්‍රාව සොයා ගැනීමට ඔවුහු සමත් වූහ.

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ මගපෙන්වීමෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ අධීක්ෂණය යටතේ ධීවර යාත්‍රාව මෙරටට ගෙන ඒමේ මෙහෙයුම් දියත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img