fbpx
තවත්
    මුල් පිටුවspecialලොව දැවැන්තම මගී නෞකාව 'Icon of the seas' මංගල ගමනේ..

    ලොව දැවැන්තම මගී නෞකාව ‘Icon of the seas’ මංගල ගමනේ..

    (අශෝක ජයතුංග වොෂිංටනගේ සිට..)

    මෙතෙක් ලොව නිපදවුණු විශාලම හා අධිකම මිලක් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 02ක් (රු කෝටි 66,000) වැයකොට දින 904 ක් තිස්සේ නිපදවූ මගී ප්‍රවාහන නෞකාව අයිකොන් ඔෆ් ද සීස් (Icon of the seas) ජනවාරි 28 දා ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හ මියාමි වරායෙන් සිය මංගල ගමන ඇරඹීය.

    එය ටයිටැනික් නැව මෙන් පස්ගුණයක් එනම් ටොන් 2,50,804 ක් බර කොළඔ නෙළුම් කුළුණේ උසට වඩා අඩි 44 ක් එනම් අඩි 1197 ක් දිග රෝයල් කැරිබියන් ග්රූප් සමාගමට අයත් නෞකාවකි.

    මෙම නෞකාවේ මගීන් 5610 කට හා සේවකයන් 2350 කට පහසුකම් සහිතය. නෞකාවක පිහිටි විශාලම පිහානුම් තටාකය හා තවත් එවැනි තටාක 07 ක් හා ජල ක්‍රීඩා උද්‍යාන 06 කින් මෙන්මඅවන්හල් හා විවේකාගාර 40 කින් හා තට්ටු 20 කින් ද සමන්විකය.

    මියාමි වරායේ සිට කැරිබියන් දූපත් දක්වා මංගල ගමනට ගිය නැවේ සමාරම්භක අවස්ථාව වර්ණවත් කළේ ආජෙන්ටිනාවේ පාපන්දු නායක ලයනල් මෙසී විසිනි.

    මෙම නෞකාවේ එක් අයෙකුට කෙටි චාරිකාවක් සදහා ඩොලර් 1700 ක් එනම් රු 5,40,000 ක් හා දිර්ඝ චාරිකාවකට ඩොලර් 8000 ක් එනම් රු 25,44,000 ක් අය කෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.