fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නාරම්මල මාරක රිය අනතුරක් -තිදෙනෙක් මරුට

    නාරම්මල මාරක රිය අනතුරක් -තිදෙනෙක් මරුට

    නාරම්මල සිට ගිරිඋල්ල දෙසට ධාවනය වෙමින් තිබුණු ලොරි රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටී ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි කාන්තාක් ,රියදුරු සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ නාරම්මල පොලිස් වසමේ කිවුල්ගල ප්‍රදේශයේ දී අද උදෑසන කාලයේදීය.

    මෙම අනතුර සිදුවන විට ත්‍රීරෝද රථයේ රියදුරු හැරුණුකොට කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකු ගමන්කරමින් සිට ඇත. ජීවිතය බේරී ඇත්තේ එක් කාන්තාවකගේ පමණක් බව පොලීසිය කියයි.

    මියගොස් ඇති පිරිමි දෙදෙනා කැලණිය හා වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 50 සහ 53 ක් වයසැති අය බව පොලීසිය කිියයි. මරණකාරිය කැලණිය දලුගම්ගොඩ පදිංචි 61 හැවිරිදි තැනැත්තියකි.

    අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන්කළ සිව් දෙනාම නාරම්මල රෝහලට ඇතුලත්කර තිබේ. එහිදී ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ පිරිමි පුද්ගලයා නාරම්මල රෝහලේදී මියගොස් ඇත. රියදුරු සහ තුවාලකාරියන් දෙදෙනාගේ තත්ත්වය බරපතල තත්ත්වයේ පැවති බැවින් කුරුණෑගල රෝහලට මාරුකර යවා තිබේ. එහිදී කාන්තාව සහ රියදුරු මියගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.