තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවුණු වසර පහේදී ස්වාමීන්වහන්සේලා 6000ක් පැවදි දිවිය හැරගිහින්

    ගෙවුණු වසර පහේදී ස්වාමීන්වහන්සේලා 6000ක් පැවදි දිවිය හැරගිහින්

    (නදීක දයා බණ්ඩාර – මහනුවර)

    විහාරස්ථාන සංවර්ධනය කරමින් භෞතික දියුණුවක් අත්කර ගන්නා අයුරින් මිනිසාගේ සිත සුවපත් කොට ආධ්‍යාත්මික දියුණුව කරා යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් වී ඇතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පවසයි.

    සංඝාවාස, ධර්මශාලා ඇතුළු විහාරස්ථානයේ අංගෝපාංග රැසක් දියුණු කරගත් මහා සංඝරත්නය අද වන විට යොමු වී ඇත්තේ මිනිසාගේ සිත ශක්තිමත් කිරීමෙහි ලා යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

    පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියෝ

    හාරගම, ගෝනාවත්ත ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සම්බුද්ධ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාව සඳහා අද (27) සහභාගී වූ අනුනායක හිමියන් එහි පැවති උත්සව සභාවේදී මේ බව සඳහන් කළහ. විහාරාධිපති පූජ්‍ය බටගොල්ලේ විජිතානන්ද හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි දානපතියන්ගේ දායකත්වය මත මෙම සම්බුද්ධ මන්දිරය ඉදිකොට තිබේ.

    රට නිවරැදි දිශාව කරා යොමු කිරීමට මහ සංඝරත්නය සියවස් ගණනාවක් සිට උදාර කැප කිරීමක් කරමින් සිටින බව එහිදී අනුනායක හිමියන් පැවසූය. බුද්ධ ශාසනය රැක ගැනීම සඳහා මහා නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විවිධ වැඩසටහන් අඛණ්ඩව සිදුවන බව ද අනුනායක හිමි කීවේය.

    ඉකුත් වර්ෂ පහක සංඛ්‍යාලේඛන විමසන විට පැවිදි වූ 18,000ක් වූ මහා සංඝරත්නයෙන් 6000ක ප්‍රමාණයක් උපැවිදි වී ඇතැයි ද අනුනායක හිමියන් එහිදී සඳහන් කළේය. එනමුත් මහා සංඝරත්නය රැක ගනිමින් බුදු දහම අඛණ්ඩව ඉදිරියට පවත්වා ගැනීම සඳහා ද මහා නායක හිමිපාණන් වහන්සේ කැප කිරීමක් කරන බව උන් වහන්සේ තව දුරටත් ප්‍රකාශ කළේය.

    හඟුරන්කෙත, හපුවල විජිතාරාමාධිපති පූජ්‍ය හපුවල විජිත හිමි, මල්උල්ල අභිනවාරාමාධිපති, නුවරඑළිය මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය දෙල්තොට චන්දානන්ද හිමි, මාදන්වල රජමහ විහාරීය පරිවේණිධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය අඹලියද්දේ ගුණරතන හිමි ඇතුලු මහා සංඝරත්නය ද ගිහි සැදැහැවතුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවූහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img