fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාත්‍යන්තරයම එරෙහි වෙද්දී ඔන්ලයින් කෙටුම්පතේ දෙවැනි කියවීමත් සම්මතයි

    ජාත්‍යන්තරයම එරෙහි වෙද්දී ඔන්ලයින් කෙටුම්පතේ දෙවැනි කියවීමත් සම්මතයි

    spot_img

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (Online Safety Bill) පනත් කෙටුම්පතේ දෙවනවර කියවීමෙන් වැඩි ඡන්ද 46කින් සම්මත වී තිබේ.

    ඒ ම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවති ඡන්දයේදී ය.

    එහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පක්ෂව ඡන්ද 108ක් ලැබී තිබුණි.

    මෙම කෙටුම්පතට විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද 62ක් පමණි.

    ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වී ඇති බව ය.

    මෙම කෙටුම්පතට එරෙහිව මෙරට බොහොමයක් ජනතාව, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂවල විරෝධතා මෙන්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය, ජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්ෂණ (HRW) සංවිධානය, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය, Google, Apple සහ Meta වැනි තාක්ෂණික දැවැන්තයින් ඇතුළත් ජාත්‍යන්තර සංවිධානයක් වන ආසියානු අන්තර්ජාල සන්ධානය යන ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය දක්වා තිබුණේ එය මෙරට ජනතාවගේ භාෂණයේ නිදහස සීමා කරන බවට ද විවේචනය කරමිනි.

    මෙම කෙටුම්පත සකස් කිරීමේදී ආසියානු අන්තර්ජාල සන්ධානය හා සාකච්ඡා කොට සංශෝධන ඇතුළත් කළ බව රජය පවසා තිබුණ ද එම සන්ධානය පෙන්වාදී තිබුණේ තමන් ඉදිරිපත් කළ සංශෝධන නිසියාකාරයෙන් කෙටුම්පතට ඇතුළත් කර නොමැති බවත්, මේ අයුරින් නම් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට හෝ හැකි තතත්වයක් නොමැති බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img