fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තුව කෝටි 7ක විදුලි බිලක් ගෙව්වේ නැද්ද?

    පාර්ලිමේන්තුව කෝටි 7ක විදුලි බිලක් ගෙව්වේ නැද්ද?

    පාර්ලිමේන්තුව රුපියල් කෝටි 7ක හිඟ විදුලිබිලක් ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවා පැහැර ඇති යන පුවත අසත්‍යයක් බවත් එම ප්‍රකාශය කරන ලද විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නායකයෙකු වන රන්ජන් ජයලාල් මහතතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ගෙන්වා අදාළ නීතිමය පියවර ගන්නා ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අද කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    පාර්ලිමේන්තුව අද රැස්වූ අවස්ථාවේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියාසිටියේ මාධ්‍යවල පළවූ‍ මෙම පුවත සම්බන්ධයෙන් තමා සොයාබැලූ බවත් පාර්ලිමේන්තුව කිසිදු හිඟ විදුලි බිලක් නොතබා සියල්ලා මාසිකව ගෙවා ඇති බවයි.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී මෙසේ ද කීය.

    “මාධ්‍ය තුළත් පුවත්පත්වලත් වාර්තා කරලා තියෙනවා පාර්ලිමේන්තුව කෝටි හතක විදුලි බිලක් ගෙවන්නේ නැතුව පැහැර හැරලා තියෙනවා කියලා. ගරු කතානායකතුමනි, මම අද උදෙත් සොයලා බැලුවා පාර්ලිමේන්තුව හැම මාසෙම ඒ විදුලිබිල අඛණ්ඩව ගෙවලා තියෙනවා. මේ වනවිට කිසිම හිඟ මුදලක් නෑ ගෙවීමට. ජනාධිපති ලේකම් කාර්යාලයේත් කිසිම හිඟ මුදලක් නෑ. ඒ නිසා මම කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුවේ සියලු දෙනාට අගෞරවයක් වෙන ආකාරයට ඒ ප්‍රකාශය කරපු රංජන් ජයලාල් කියන පුද්ගලයා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ගෙනල්ලා ඒ පිළිබඳ නීතිමය කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා ගරු කතානායකතුමනි.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img