තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වරකාපොළින් ගැලවුණු රාජ්‍ය නිලධාරිනියන්ගේ සාරිය

    වරකාපොළින් ගැලවුණු රාජ්‍ය නිලධාරිනියන්ගේ සාරිය

    ඉහළ යන ජීවන වියදම හමුවේ මුදල්, කාලය සහ විදුලිය වැයවීම අඩුකර ගැනීම වෙනුවෙන් වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සේවය කරනු ලබන රජයේ නිලධාරිනියන්ට නව නිල ඇඳුමක් හඳුන්වා දී තිබේ.

    වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංග සංජීව මහතා පවසන්නේ මෙය එම කාර්‍යාලවල මහජන දිනයේදී පමණක් ජනතාවට, කාර්‍ය මණ්ඩලය හඳුනාගැනීමට පහසු වන පරිදි, සාරිය වෙනුවට හඳුන්වා දුන් ඇඳුමක් මිස අනිවාර්ය කරන ලද්දක් නොවන බවයි.

    මෑතකදී නිකුත් වූ රාජ්‍ය සේවා චක්‍රලේඛයක් මගින් සුදුසු ඇඳුමකින් සැරසී ආ යුතු බවට ප්‍රකාශ කෙරුණද එමගින් ‘සාරිය හෝ ඔසරිය’ යන ඇඳුම් ඇඳිය යුතු බවට අනිවාර්ය නොකළත් මෙතෙක් කලක් රාජ්‍ය සේවා නිලධාරිනියන් විසින් භාවිත කරන ලද්දේ සාරිය සහ ඔසරියයි.

    කොරෝනා වසංගතය සමඟ වෙනස් වුණු රාජකාරි කටයුතු හේතුවෙන් ඇඳුම ද ‘පහසු ඇඳුමකින් සැරසී’ කාර්‍යාලයට පැමිණෙන ලෙසට රාජ්‍ය සේවය ඉඩ සලසා දී තිබුණි.

    මහජන දිනයේදී නිලධාරීන් ඇඳුම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවට වන රීතියක් ඒ ඒ කාර්‍යාලවල ක්‍රියාත්මක අතර, ඇතැම් රජයේ කාර්ලායලවල සාරිය ඇඳගෙන නොපැමිණි නිලධාරිනියන් හරවා යැවූ අවස්ථා පිළිබඳව ද වාර්තා විය.

    කෙසේවෙතත් වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මෙම ක්‍රියාව රාජ්‍ය සේවයේ බොහොමයකගේ ප්‍රශංසාවට ලක්ව, එම පියවර සෙසු කාර්‍යාල ද අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරමින් අදහස් පළකරන අතරම ඊට විරෝධය දක්වන පිරිස් ද දැකගන්නට ඇත.

    ඇතැම් ගුරුවරියන්ද අදහස් දක්වා තිබුණේ ඇඳුම් සඳහා මේ වනවිට වැයවන අධික මිලට මෙමගින් විශාල සහනයක් වන බැවින් ගුරුවරියන්ටද මෙවැනි ‘නිල ඇඳුමක්’ ලබාදෙන්නේ නම් වටිනා බව ය.

    පහත දැක්වෙන්නේ වරකාපොල ප්‍රාදේශීය ලේකම්වරයා පළකර තිබූ නව පියවර පිළිබඳ සටහනයි.


    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img