ලබන පෙබරවාරි 4 වැනිදාට යෙදෙන 76 වන ජාතික නිදහස් දින සැමරුමේ වියදම් අවම කරන්න යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට උපදෙස් දී තිබේ.
සැමරුම් උත්සවයේ සියලු කටයුතු රාජ්‍ය ආයතන හරහා සිදු වන බව එම අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න සඳහන් කළේ ය.
ඒ අනුව වියදම් අවම කරගනිමින් නිදහස් උත්සවය සැමරීමට සැලසුම් සකස්කරමින් පවතින බව අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.