තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට තරුණ ප්‍රජාවට ඡන්ද එපාවෙයි?

    මෙරට තරුණ ප්‍රජාවට ඡන්ද එපාවෙයි?

    වසය අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන් ලක්ෂයක පමණ පිරිසක් මෙවර ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    2023 ඡන්ද හිමි නාමලේඛන සැකසීමේදී මෙම කරුණු හෙළි වූ බව එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කීය.

    ඒ අනුව 2023 ඡන්ද නාම ලේඛනය සැකසීමේදී තරුණ ඡන්දදායකයන් කෙරේ වැඩි අවධානයක් යොමු කරන බව ඔහු පැවසීය.

    කෙසේවෙතත් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන්ට ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීම සඳහා තවත් අවස්ථා 3ක් ලබා දී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img