තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඊශ්‍රායලයේ දී කතක් පැහරගත් ලාංකික ජාවාරම්කරු අත්අඩංගුවට

    ඊශ්‍රායලයේ දී කතක් පැහරගත් ලාංකික ජාවාරම්කරු අත්අඩංගුවට

    ඊශ්‍රායලයේ ජෙරුසලම් දිස්ත්‍රික්කයේ අබු ගෝෂ් හි කාන්තාවක් පැහැරගෙන ගොස් මහල් නිවාසයක සිරගත කළ බවට සැකපිට ශ්‍රී ලාංකිකයකු එරට පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ‍ගෙන තිබේ.

    අබු ගෝෂ් යනු ජෙරුසලමෙන් පිටත පිහිටි ඊශ්‍රායල-අරාබි නගරයකි.

    ඊශ්‍රායල පොලීසිය සඳහන් කළේ, එරට මධ්‍යම ඒකකයේ රහස් පරීක්ෂකයින් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි නීතිවිරෝධී ලාංකික පදිංචිකරු බවයි.

    පැහැරගත් කාන්තාවද ලාංකිකයෙකි. මෙම කාන්තාව සහ මව එරට වාසය කරනු ලබන්නේ නීත්‍යනුකූල පදිංචි බලපත්‍රයක් සහිතව ය.

    ඔහු ශ්‍රී ලාංකික කාන්තාව පැහැරගෙන ගොස් ඇයගේ මවගෙන් කප්පම් ගැනීම සඳහා ඇයව මහල් නිවාසයක සිරකර තබා ඇත.

    එරට වාර්තා පවසන පරිදි එම කාන්තාව නිරුපද්‍රිතව බේරාගෙන ඇත.

    තම දියණිය පැහැරගත් පුද්ගලයාව ඇයගේ මව දැන සිට තිබේ.

    ඇයගේ මව විසින් තත්ත්වය පිළිබඳව තමන්ව දැනුවත් කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

    මව පෙරේදා පොලිසියට අමතා තම දියණිය පැහැරගෙන ගොස් ඇත්තේ තමා දන්නා හඳුනන පුද්ගලයකු විසින් බව පැහැදිලි කර ඇත.

    පසුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

    පොලීසියට ඔවුන්ට මුලින් ඇමතුමක් ලැබුණු දින රාත්‍රියේ, වින්දිතයා සහ සැකකරු සොයා ගැනීම සඳහා පොලිසිය විශේෂිත ඒකකයක් පිහිටුවා ඇත. පසුව සැකකරු කවුද යන්න අදාළ ඇමතුම ඔස්සේ ඉක්මනින් හඳුනා ගන්නා ලදී.

    එදින සවස රහස් ඔත්තුකරුවන් එම කාන්තාව රඳවා සිටි මහල් නිවාසයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පැහැරගත් කාන්තාවද එම ස්ථානයේ සිටියදී නිරුපද්‍රිතව සොයාගෙන ඇත.

    සැකකරු ජෝර්දාන දේශසීමාව හරහා නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වී ඇති බව පොලිසිය පවසයි.

    සැකකරු ඊශ්‍රායලයට වලංගු පදිංචි බලපත්‍ර නොමැතිව වෙනත් විදේශිකයින් රැගෙන යාමේ නිරතව සිට ඇති බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

    මෙම පුද්ගලයා වංචනික ලෙස අදාළ කාන්තාව රැගෙන ගොස් ඇය අබු ගෝෂ්හි මහල් නිවාසයේ රඳවා ඇති බව පොලිසිය සඳහන් කළේය.

    මහල් නිවාසයේදී සැකකරු කාමරයකට දමා ඇයව එහි රඳවා තිබී ඇත්තේ ඇයගේ ජංගම දුරකථනය ද තමා සන්තක කරගනිමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img