fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාව බලරහිත කරමින් උසාවි තීන්දුවක්

    දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාව බලරහිත කරමින් උසාවි තීන්දුවක්

    spot_img

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමට අනුගමනය කළ ක්‍රමවේදය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(17) ඒකමතිකව තීරණය කර තිබේ.

    ඒ අනුව මෙම පෙත්සම්කාර දුමින්ද සිල්වා මහතාට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇති බව වාර්තා වේ.

    අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශ කරන ලද්දේ, මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය දුමින්ද සිල්වාට ජනාධිපති සමාවදීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම්, විභාග කිරීමෙන් අනතුරුව ය.

    ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

    2011 වසරේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2016 වසරේ දී දුමින්ද සිල්වා තවත් සිව් දෙනෙකු සමග මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබීය.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුමින්ද සිල්වාට පමණක් සමාව ලබා දීමට කටයුතු කළේය.

    ඒ අනුව දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img