fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ආණ්ඩුවේ කඩකාමර සහ නිවාස පෙන්වා මුදල් ගැරූ ලෝකයෙක් අල්ලයි

    ආණ්ඩුවේ කඩකාමර සහ නිවාස පෙන්වා මුදල් ගැරූ ලෝකයෙක් අල්ලයි

    පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ කඩ කාමර සහ කොම්පඤ්ඤවීදිය අඩු ආදායම් නිවාස සංකීර්ණයක ඇති නිවාස පෙන්වමින් එම කඩකාමර සහ නිවාස ලබා දෙන බවට පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචාකර කට්ටි පනිමින් සිටි පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

    කහවත්තේ පදිංචිකරුවෙක් වන සැකකරු අවුරුදු 55ක් වයසැති අයෙකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.