මේ වනවිට පැවැත්වෙන අපොස උසස් පෙළ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය, විභාගය පැවැත්වීමටත් පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
අම්පාර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ගුරුවරයෙක් වන ඔහු අවුරුදු 52ක් වයසැති අයෙකි. අම්පාර විජිතපුර පදිංචිකරුවෙක් වන ඔශුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ අම්පාරේදී අත්අඩංගුවට ගෙන තිබේ.
විභාගය පැවැත්වීමට පෙර ඔහු විසින් එම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුව නිසා විභාග දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමටද කටයුතු කරනු ලැබීය.