තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ සේවකයන්ට අලුත් නීති -චක්‍රලේඛය මෙන්න..

    රජයේ සේවකයන්ට අලුත් නීති -චක්‍රලේඛය මෙන්න..

    රජයේ සේවකයන් වෙනුවෙන් නව චක්‍රෙල්ඛයක් නිකුත් කර තිබේ.

    මෙම චක්‍රෙල්ඛයට අනුව කාර්යාලගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳී සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය වේ.

    එම චක්‍රලේඛයට අනුව පස්වරු 3.00 දක්වා රජයේ කාර්යාල මුදල් ගනුදෙනු සඳහා විවෘතව තැබිය යුතුය.

    ජනතාවට සේවය සැපයීමේදී ගැටලු ඇතිනොවන සේ ආචාරශීලීව කටයුතු කළ බව ද සඳහන් වේ.

    ඊට අමතරව රාජකාරි කාලය තුළදී සිය කාර්යාල හැඳුනුම්පත පැළඳ සිටීම හා නිල ඇඳුම් දීමනා ලබන සියලුම රාජ්‍ය නිලධරයන් සිය නිල ඇඳුමින් සැරසී පැමිණිය යුතුයි.

    මහජන දිනය ලෙස වෙන් කර ඇති සඳුදා දිනය තුළ සෑම රාජ්‍ය ආයතනයකම පහළ මට්ටමේ නිලධාරියාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා වූ සෑම තරාතිරමකම නිලධාරීන් කාර්යාලයේ රැඳීසිටීම අත්‍යවශ්‍ය ය.

    එදිනට අසනීප හෝ නොවැළැක්විය හැකි කරුණක් වෙනුවෙන් හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවාඩු අනුමත නොකිරීමට ආයතන ප්‍රධානියා වගබලා ගත යුතු වේ.

    මෙදිනට වෙනත් රැස්වීම් වැඩමුළු හා උත්සව ආදිය සංවිධානය නොකළ යුතු බව ද ඒවා සඳහා සහභාගි වීමට ද කාර්යාලයෙන් බැහැරව නොයා යුතු බව ද දක්වා තිබේ.

    රජයේ නිලධාරීන් සේවයට පැමිණීමේදි රාජ්‍ය සේවයේ ගරුත්වය රැකෙන පරිදි සුදුසු සංවරශීලි ඇඳුමකින් සැරසී පැමිණිය යුතු බව ද මෙම චක්‍රෙල්ඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

    1704791630-27-2023-s
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img