සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් වෘත්තිකයන් රැසක් අද (11) සිට සංකේත වැඩ වර්ජනයක් දියත් කර තිබේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින සුළු සේවකයන් ද ඊට අයත් වේ.
ඔවුන් ඉල්ලා සිටින්නේ වෛද්‍යවරුන්ට ලබාදී ඇති රුපියල් 35,000 දීමනාව තමන්ට ද ලබාදෙන ලෙසයි.
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ බ්‍රහස්පතින්දා (11) පෙරවරු 6 සිට සිකුරාදා (12) පෙරවරු 8 දක්වා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන බවයි.
තමන්ට ද මෙම දීමනාව ලබාදෙන ලෙස බලකරමින් පරිපූරක සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ආරම්භ කර ඇති සංකේත වැඩවර්ජනය අද (11) දින ද ක්‍රියාත්මකයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ බදාදා (10) පැවති සාකච්ඡාව සාර්ථක නොවූ බව පරිපූරක වෛද්‍ය සේවා පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පවසා තිබුණි.