පවතින අධික වැසි තත්වය හේතුවෙන් මෙරට ප්‍රධාන ජලාශ ගණනාවක් වාන් දොරටු විවෘත කර තිබේ.
මැණික්, නිල්වලා, මහවැලි, යාන් ඔය පිටාර ගැලීම නිසා අවට මාර්ග ද යටවී ඇත.
මැණික් ගඟ පිටාර ගැලීම නිසා යාල වනෝද්‍යානයේ තිස්සමහාරාම පාලටුපාන පිවිසුම වසා දමා තිබේ. එහෙත් කටගමුව පිවිසුම තවදුරටත් විවෘතව පවතී.
කලාවැවේ ජල මට්ටම යළි ඉහළයාම නිසා හදිසි වාන් දොරටු දෙක යළීත් විවෘත කිරීමට කලාවැව ජලාශ භාර කාර්යාලය පියවර ගෙන තිබේ.
ඒ අනුව අද (10) උදෑසන 8.30 වනවිට කලාවැව හදිසි වාන් දොරටු දෙක එකක් අඩි 10 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ කාර්යාලය පියවර ගෙන ඇත.
පහත දැක්වෙන්නේ අද වනවිට ගංවතුර මට්ටමට පැමිණ ඇති ජලාශවල තොරතුරු ය.