fbpx
තවත්

    රාජකීයයකුගේ ආගමනය

    ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරීය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පස්වරුවේ පවත්වා තිබේ.

    ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ය.

    ඊඩ්න්බර්ග් හි ඈන් කුමරිය, එලිසබෙත් මහ රැජිණගේ සහ ඊඩ්න්බර්ග් ආදිපාද පිලිප් කුමරුගේ එකම දියණිය මෙන්ම බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ එකම සොයුරියයි.

    ඇය මේ වනවිට 73 හැවිරිදි වියෙහි පසු වන්නීය.

    ඇය සිය සැමියා ද සමඟින් අද(10) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී, රාජකීයයකු පිළිගන්නා සම්ප්‍රදායනුකූලව උත්කර්ෂවත්ව පිළිගන්නා ලදී.

    බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය දිවයිනට පැමිණි අවස්ථාව පහත සේයාරූවලින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.