තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් ආයෝජන කලාප කිහිපයක් ගේන්න ජනපතිගෙන් යෝජනාවක්

    අලුත් ආයෝජන කලාප කිහිපයක් ගේන්න ජනපතිගෙන් යෝජනාවක්

    නව ආයෝජන කලාප සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව උතුරු, නැගෙනහිර, වයඹ සහ දකුණු පළාත් තුළ නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමට නියමිතය.

    මාන්කුලම්, පරන්තන් රසායන ද්‍රව්‍ය සමාගම් පරිශ්‍රය සහ කන්කසන්තුරේ සිමෙන්ති සංස්ථා පරිශ්‍රය පිහිටි සථානවල ද නව ආයෝජන කලාප ස්ථාපිත කිරීම එහි තවත් යෝජනාවකි.

    මේ අතර ඉරණවිල සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල නව ආයෝජන කලාප ඉදිරිකිරීමට ද ජනාධිපතිවරයා විසින් මෙමගින් යෝජනා කර තිබේ.

    මේ අතර බිංගිරිය හා හම්බන්තොට ආයෝජන කලාප තවදුරටත් පුළුල් කිරීම ද නියමිතය.

    ඒ අනුව අදාළ කැබිනට් යෝජනාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ යෝජිත ආර්ථික කලාප ඇති කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණ සහාය දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළකර ඇති බවය.

    ඒ සඳහා සුදුසු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ආකෘතියක් පදනම් කර ගනිමින් එකී ආයෝජන කලාප සංවර්ධනය කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස එහිදී අනුමැතිය හිමිව ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img