තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉල්ලා අස්වූ චමින්ද වෙනුවට පාර්ලිමේන්තුවට එන නයන

    ඉල්ලා අස්වූ චමින්ද වෙනුවට පාර්ලිමේන්තුවට එන නයන

    බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්වන බව සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ මහතා, 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජන කරමින් මනාප 31,307ක් හිමිකරගෙන තිබේ.

    එමෙන්ම, නයන වාසලතිලක සමගි ජනබලවේගයේ හපුතලේ ආසනයේ ප්‍රධාන සංවිධායකවරයාද වේ.

    කථානායකවරයා පුරප්පාඩු මන්ත්‍රීධුරය පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවට දැන්වූ වහාම අදාළ නව මන්ත්‍රී ධුරය ගැසට් කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමි වේ.

    පසුගියදා පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ හිමිකරු ලෙසට ද නයන වාසලතිලක මහතා කටයුතු කර තිබුණි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img