දිස්ත්‍රික් 10කට නායයාම්, විශාල ගල් පෙරළීම්, ගස් කඩාවැටීම් අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් අද සිට හෙට(10) පෙරවරු 10 දක්වා මෙම අනතුරු ඇගවීම වලංගු බවයි.
ඒ අනුව බදුල්ල, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, මොනරාගල සහ රත්නපුර එම අවදානම ඇති දිස්ත්‍රික්ක වේ.
පහත දැක්වෙන්නේ එම දිස්ත්‍රික්කවල නායයාම් අවදානම් ඇති ප්‍රදේශ ය.