සමඟි ජනසන්ධානය ජනවාරි මස අවසන්වීමට පෙර එළිදක්වන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක පවසයි.
ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙම සන්ධානය නිර්මාණය කරන බව හෙතම කියා සිටියේය.
සමගි සන්ධානයට වෙනත් දේශපාලන පක්ෂවල නියෝජිතයින් එක් කර ගැනීමේදී දූෂණ චෝදනා එල්ල නොවූ මෙන්ම ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට සුදුසු පුද්ගලයින් එක්කර ගන්නා ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කළ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක පැවසීය.