නිසි පරිදි බදු ගෙවීම් පැහැර හරින ව්‍යාපාරිකයින් සෙවීමට කමිටුවක් පත්කිරීමට දේශීය අදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසයි.
ව්‍යාපාරිකයින් බදු නොගෙවීමට හේතු අදාළ කමිටුව විසින් සොයා බලන බව ඇය කියා සිටියාය.
මේ වනවිට ලියාපදිංචි වී ඇතත් බදු නොගෙවන ව්‍යාපාරිකයින් පිළිබඳ එහිදී විශේෂයෙන් සොයාබැලේ.
මේ අතර මාසයකට රුපියල් ලක්ෂයකට වඩා ආදායමක් ලබන වයස අවුරුදු 18 වැඩි සියලු දෙනා බදුගොනු විවෘත කිරීම ආරම්භ කර ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.
ඇය සඳහන් කළේ, වසරකට රුපියල් ලක්ෂ 12 ට වඩා වැඩි ආදායම් උපයන්නන් බදු ගෙවීමට යටත් වන බවයි.
සෙසු පුද්ගලයින් බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගැනීම අනිවාර්ය බවද ඇය සඳහන් කළාය.