fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනයට යුද රහස් විකිණූ ඇමරිකානු නාවික හමුදා සෙබලෙක් හිරේට

    චීනයට යුද රහස් විකිණූ ඇමරිකානු නාවික හමුදා සෙබලෙක් හිරේට

    චීනයට සංවේදී හමුදා තොරතුරු සැපයූ බව පිළිගත් ඇමෙරිකානු නාවික හමුදාවේ නාවිකයෙකු හට වසර දෙක සිර ඳඩුවමක් නියම වී තිබේ.

    26 හැවරිදි වෙනන් ෂාඕ නැමති මෙම නාවිකයා මුදලට ඇමරිකානු යුද රහස් චීනයට ලබාදීම සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇත.

    ඒ අනුව ඔහු විසින් 2021 සිට 2023 දක්වා කාලයේදී හමුදා අභ්‍යාස, මෙහෙයුම් නියෝග සහ තීරණාත්මක යටිත පහසුකම් සම්බන්ධයෙන් වූ තොරතුරු චීනයට ලබාදී ඇති බවට අනාවරණය වී ඇති බව එක්සත් ජනපද ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.

    ඔහු ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද නාවික හමුදාව විසින් පවත්වන ලද යුධ අභ්‍යාස පිළිබඳ තොරතුරු මෙන්ම ජපානයේ ඔකිනාවා දූපතේ පිහිටි එක්සත් ජනපද නාවික හමුදා කදවුරේ ස්ථාපිත රේඩාර් පද්ධතියට අදාල දල සැලැස්මක් පවා ලබා දී ඇති බවට අනාවරණ වේ.

    ඔකිනාවා හී පිහිට නාවික හමුදා කඳවුරු ඉතා වැදගත් හමුදා කඳවුරක් වන අතර එමගි සමස්ථ අසියානු කළාපයේම මෙහෙයුම් පාලනය කරනු ලබයි. මෙම නාවිකයාට ඉතා රහසිගත ස්ථාන වලට ඇතුළු වීමට අවසර හිමවූවකු වන අතර ඔහු එම ස්ථාන වල ඇති රහසිගත ලිපි ගොනු සහ දත්ත චීනයට ලබාදීමට පියවර ගෙන ඇති බවට අනාවරණය වේ.

    මෙම තොරතුරු චීනයට ලබා දීමට නවීන ආරක්ෂිත සන්නිවේදන ක්‍රමයන් යොදාගෙන ඇති බවත් එමගින් ඉතා ආරක්ෂිතව තොරතුරු චීනයට ලබාදීමට හැකිව ලැබී ඇති බවටද සඳහන්ය.

    චීනය රජය විසින් මෙම තොරතුරු ලබාදීමට අවස්ථා 14කදී මුදල් ලැබී ඇති අතර එම මුදල ඇමරිකානු ඩොලර් දාහතර දහසක් පමණ වන බවටද වාර්තාවේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.