fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'විශ්ව බුද්ධ' කියාගත් චීවරධාරියාට ඇප

    ‘විශ්ව බුද්ධ’ කියාගත් චීවරධාරියාට ඇප

    බුදුදහමට අපහාස වන අයුරින් හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ‘විශ්ව බුද්ධ’ නමින් තමා හඳුන්වා ගත් චීවරධාරියා අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබේ.

    මෙම අත්අඩංගුවට ගැනීමට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී 34 හැවිරිදි සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ලද පැමිණිල්ලකට අනුව සයිබර් අපරාධ අංශයේ නිලධාරීන් විසින් දෙසැම්බර් 12 වැනිදා කලගෙඩිහේන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකදී මෙම චීවරධාරියා අත්අඩංගුවට ගෙන තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.