fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වරාය සේවකයන්ගේ විරෝධයට බාධාවක්

    වරාය සේවකයන්ගේ විරෝධයට බාධාවක්

    වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 12ක අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබූ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබේ.

    ඒ ලබන 23 වනදා දක්වා ය.

    සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා සිටිමින් වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සංවිධාන කර තිබුණි.

    අදාළ වාරණ නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා විරෝධතා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පෙන්වාදෙමින් විත්තියේ නීතිඥවරයා විසින් කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ අතිරේක දිසා විනිසුරු චාමරි වීරසූරිය මහත්මිය අද මෙම නියෝගය ලබාදී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.