fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි ගාස්තු ගෙවන්න පැකේජ ක්‍රමයක්!

    විදුලි ගාස්තු ගෙවන්න පැකේජ ක්‍රමයක්!

    විදුලි ගාස්තු ගෙවීමේදී පැකේජ ක්‍රමයක් හඳුවන්වා දීමට යෝජනා කෙරේ.

    එමෙන්ම වසරකට උපරිම දෙවතාවක් පමණක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ද මෙලෙස යෝජනා කර ඇත්තේ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සකස් කරන ලද යෝජනාවලියක් මගිනි.

    වහල මත සවි කර ඇති සූර්ය පැනල මගින් නිෂ්පාදනය කරනු ලබන විදුලිය කඩිනමින් ජාතික පද්ධතියට එකතු කිරීමට ද යෝජනා කෙරේ.

    සූර්ය පැනල ආනයනය කිරීම වැට් බද්දෙන් නිදහස් කිරීමටද මෙමගින් යෝජනා කර ඇත.

    මෙම යෝජනා ලබන සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද අපේක්ෂා කරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පැවසීය.

    මෙමගින් විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය යෝජනා සකස් කර අවසන් බව එම කාරක සභාවේ සභාපතිවරයා කීය.

    සාමාන්‍ය විදුලි පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදන කර්මාන්තකරුවන් හා අපනයන නිෂ්පාදන කර්මාන්තකරුවන් විදුලි ඒකකයක මිල ඉහල යාම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව 2023 වසරේ ඔක්තෝබර් මස 18% කින් වැඩි කෙරුණු විදුලි බිල නැවත එම වැඩි වූ ප්‍රතිශතය 100% කින් ඉවත්කිරීමට යෝජනා කර ඇත.

    අධික වර්ෂාපතනය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය අධික ලාභයක් ලබන බවත් එම ලාභයේ ප්‍රතිලාභ විදුලි පාරිභෝගිකයින්ට ලබාදීමට යෝජනා කර ඇත.

    එමෙන්ම නව විදුලි බල පනත පිළිබඳව ඉදිරියේදී කාරක සභාව තුළ අදාළ සියලු පාර්ශව කැඳවා සාකච්ජා කිරීමට අපේක්ෂා කරන බවද කාරක සභා සභාපතිවරයා පැවසුවේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.