fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෙම්වතා හමුවීමට ගිය සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කරලා

    පෙම්වතා හමුවීමට ගිය සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කරලා

    සිය පෙම්වතාව මුණ ගැසීමට ඔහුගේ නිවසට යමින් සිටි 15 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණය කළ පුද්ගලයින් තිදෙනෙක් කාත්තන්කුඩි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    පුදුකුඩිඉරිප්පු පුල්ලිඅඩි පාරේ පදිංචිකාරියක් වන මෙම සිසුවිය සිය පෙම්වතාගේ නිවසට යමින් සිටියදී පැහැරගෙන ගොස් නිවසක සිරකරගෙන දූෂණයකර ඇත්තේ පසුගිය 05 වෙනිදා සවස් කාලයේදීය.

    මේ සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් තිදෙනා ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    දෙදෙනෙක් අවුරුදු 26 හා එක් අයෙක් අවුරුදු 32ක් වන බව පොලීසිය කියයි. ඔවුන් තිදෙනාම ආරියම්පදි හී පදිංචිකරුවන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.