fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"බාල ඖෂධ ආවේ හතරයි.. උපරිමෙන් කළේ"

    “බාල ඖෂධ ආවේ හතරයි.. උපරිමෙන් කළේ”

    නදීක දයා බණ්ඩාර – මහනුවර

    බාල ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතුවුවත් ආනයනය කරන ලද ඖෂධ රැසක් ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ ඖෂධ වර්ග 407ක් අතුරින් බාල තත්ත්වයේ තිබුණේ හතරක් පමණක් යැයි ඒ මහතා තවදුරටත් පැවසුවේය.

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කරන ලද්දේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවව මගින් මහනුවර පිළිමතලාවේ ස්ථාපිත කරන ලද නව ඔසුසල ඖෂධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (06) ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.

    කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ඖෂධ ගෙන්වීමේදී බාධක රැසක් මතුවූ බව කී ඒ මහතා ඉන්දියාවෙන් කොවීඩ් එන්නත් ආනයනය කරමින් තිබියදී ඉන්දියාවේ වසංගතය ව්‍යාප්තවීම නිසා වෙනත් රටවලින් එන්නත් ආනයනය කිරීමට සිදුවූ බව කීවේය. එන්නත් මිලියන 05ක් ඇණවුම් කර තිබුණු බව කී හෙතෙම, වංසගතය නිසා සියලු ඇණවුම් අවලංගු කොට විකල්ප ඇණවුම් කරා යොමුවීමට සිදුවූ බව පෙන්වා දනුනේය.

    ඉන්දියාවෙන් ආනයනය කළ ප්‍රමිතියෙන් තොර යැයි හදුනාගත් ඖෂධ ඉවත්කළ බවත් සෙසු ඖෂධ වර්ග භාවිතාකරන බවත් අමාත්‍යවරයා කීහ.

    එම ඖෂධ භාවිතා නොකළා නම් මෙරට විසාලාවක් වීමට ඉඩ තිබුණු බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    වංසගත තත්ත්වය මෙන්ම ආර්ථික ගැටලු නිරාකරණය කර ගමිනින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකි උපරිම අයුරින් ක්‍රියාකළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    යටිනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් මෙන්ඩිස් යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.