තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රතුමුහුදේ ගැටුම් සමනයට අදාළ පාර්ශ්ව සමග එක්වීමට චීනය සූදානම්

    රතුමුහුදේ ගැටුම් සමනයට අදාළ පාර්ශ්ව සමග එක්වීමට චීනය සූදානම්

     
    රතු මුහුදේ ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා අදාළ පාර්ශ්ව සමග එක්ව ක්‍රියාකිරීමට චීනය සූදානම් වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය උප නියෝජිත Geng Shuang මහතා මේ බව පැවසුවේ, ආරක්ෂක මණ්ඩලය 3 වැනිදා පැවැත්වූ රතු මුහුදේ තත්ත්වය පිළිබඳ හදිසි විවෘත රැස්වීමේ දී ය.
     
    කලක සිට රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශවල බොහෝ අවස්ථාවලදී සිදුව ඇති ප්‍රහාර හා වාණිජ නෞකා අත්අඩංගුවට ගැනීමේ සිද්ධීන් පිළිබඳ සිහිපත් කළ Geng Shuang මහතා ඒ සම්බන්ධයෙන් චීනයේ කණස්සල්ල පළ කළේය. සිවිල් නෞකාවලට බාධා කිරීම් නතර කරන ලෙසත්, විවිධ රටවල නෞකාවන්ට එම ප්‍රදේශයේ යාත්‍රා කිරීමේ අයිතිවාසිකම් සහතික කරන ලෙසත් චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. එම ප්‍රදේශයේ යාත්‍රා කිරීමේ  දී හිමිවිය යුතු සුරක්ෂිතභාවය වෙනුවෙන් ලොව බලවත් රටවල් සිය වගකීම් හා යුතුකම් ඉටු කළ යුතු බව චීනයේ අදහස යි.
     
    ගාසා තීරයේ පවතින ගැටුම්වලින් එල්ල වන බලපෑම් ද රතු මුහුදේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට හේතු වී ඇත. එහි හැකි ඉක්මණින් සටන් විරාමයක් ක්‍රියාවට නැංවීම, රතු මුහුදේ තත්ත්වය තවදුරටත් උග්‍ර වීම වළක්වා ලනු ඇතැයි ද Geng Shuang මහතා අවධාරණය කළේ ය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img