තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මංකොල්ලයකට සැරයන් ඇතුළු පස් දෙනෙක් කොටු

    මංකොල්ලයකට සැරයන් ඇතුළු පස් දෙනෙක් කොටු

    පුද්ගලයෙකුට පහරදී මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවටගත් අනුරාධපුර පොලීසියේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඊයේ පියවර ගත්තේය.

    පසුගිය දෙසැම්බර් 25 වෙනිදා පුද්ගලයෙකුට පහරදී රුපියල් 150,000ක් වටිනා රන් මාලයක් හා රුපියල් 5000ක මුදලක් පිරිසක් විසින් කොල්ලකා තිබුණි. ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් ස්ථානයට පැමිණීල්ලක් ලැබී තිබුණි.

    එම පැමිණිල්ලට අනුව විමර්ශන පැවැත්වීමේදී අනාවරණය වී ඇත්තේ අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක් ඇතුළු පස් දෙනෙකුගේ කණ්ඩායමක් විසින් මෙම කොල්ලය සිදුකර ඇති බවය.

    ඒ අනුව පසුගිය 30 වෙනිදා පොලිස් සැරයන්වරයාත් සෙසු සිව් දෙනාත් අත්අඩංගුවට ගත් අනුරාධපුර පොලීසිය ඔවුන්ව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබේ. එහිදී ඔවුන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝගකර ඇත.

    මේ සම්බන්ධයෙන් අනුරාාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත තොරතුරු වාර්තා වීමත් සමඟ සැරයන්වරයාගේ වැඩ තහනම්කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img