ගංජා භාවිතයට තදින් ඇබ්බැහි වී සිටින පොලිස් කොස්තාපල්වරයෙක් ගැන හබරාදූව පොලීසියේ ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබෙන්නේ දින කිහිපයකට පෙරය.
එම කොස්තාපල්වරයාගේ හැසිරීම ගැන අවධානයෙන් සිටි ස්ථානාධිපතිවරයා ඔහුව අධිකරණ වෛද්‍යවරයෙක් වෙත යොමුකරනු ලබන්නේ එම නිලධාරියාගේ හැසිරීම ගැන ඇතිවුණු දැඩි සැකය හේතුවෙනි.
අධිකරණ වෛද්‍යවරයා මෙම කොස්තාපල්වරයාව පරීක්ෂාකර බලා සිය වාර්තාව පොලිස් ස්ථානාධිපතිවරයා අතට පත්කරනු ලබන්නේ මෙම නිලධාාරියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ වෙක් බව සටහන්කරමිනි. වෛද්‍ය නිර්දේශය වී තිබුණේ මෙම නිලධාරියාව පුනරුත්ථාපනයට යොමු කරන ලෙස හා මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත්කරන ලෙසය.
වෛද්‍ය නිර්දේශ අනුව ක්‍රියා කිරීමට පෙර ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙම නිලධාාරියාගේ වැඩ තහනම් කිරීමට ඊයේ දිනයේදී පියවර ගන්නේ මෙම නිලධාරියා තවදුරටත් පොලිස් සේවයේ තබාගැනීමට නොහැකි වූ බැවිනි.