fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආපදාවට ලක්වූ කාරය හදන්න වගේ ඇවිත් චේන් එක කඩලා

    ආපදාවට ලක්වූ කාරය හදන්න වගේ ඇවිත් චේන් එක කඩලා

    ආපදාවට ලක්වූ සිය මෝටර් රථය නව කැලණි පාලම මත නතරකරගෙන සිටි ව්‍යාපාරිකයෙකු අසලට උදව් කිරීමේ මුවාවෙන් පැමිණි දෙදෙනෙක් ව්‍යාපාරිකයාගේ ගෙල බැදි රන් මාලය කොල්ලකා පළාගොස් ඇත.

    මෙසේ කොල්ලකෑමට ලක්ව ඇත්තේ ජා-ඇල කපුවත්තේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

    ග්‍රෑන්ඩ්පාස් පොලීසියට මේ ගැන ව්‍යාපාරිකයා පැමිණිල්ලක්ද කර තිබේ. ඊට අනුව මෙම කොල්ලය සිදුව ඇත්තේ අලුයම 4.00ත් 5.00ත් අතර කාලය තුලදීය.

    කොල්ලකෑ රන් මාලය පවුම් දෙකක් බරැති එකක් බව ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.