රුසියාව විසින් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා උතුරු කොරියාව සපයන ලද බැලස්ටික් මිසයිල යොදා ගෙන ඇති බවට ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පවසා ඇත්තේ රුසියාවට උතුරු කොරියානු සහාය හිමිවීම සම්බන්ධව දැඩි සැලකිල්ලක් යෙදවිය යුතු බවයි.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී එක්සත් ජනපදය මෙම කාරණය මතු කරන බවත් ආයුධ හුවමාරුව සඳහා පහසුකම් සැලසීමට කටයුතු කරන පිරිස් හට අමතර සම්බාධක පනවන බවත් ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.
කෙසේ වෙතත් රුසියාන රජය විසින් එක්සත් ජනපදය එල්ල කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ තමන් එවැනි සහයෝගීතාවයක් පවත්වා නොගන්නා බවයි.
මේ අතර ධවල මන්දිරය මෙම චෝදනාව එල්ල කර පැය කිහිපයකට පසු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මිසයිල දියත් කිරීමේ වාහන නිෂ්පාදනය රට තුළ පුළුල් කරන ලෙස එරට බලධාරීන්ගේ ඉල්ලා ඇති බවටද වාර්තාවේ.
එමෙන්ම උතුරු කොරියානු නායකයා ඉකුත් සැප්තැම්බර් මාසයේදී රුසියාව සමඟ හමුදා සහයෝගීතා වර්ධනය කිරීම උදෙසා සාකච්ඡා කිරීමට රුසියාවේ සංචාරයකද නිතර විය.