fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅමෙරිකාවේ මාස්ක් පැළඳීම යළිත් අනිවාර්ය කරයි

    අමෙරිකාවේ මාස්ක් පැළඳීම යළිත් අනිවාර්ය කරයි

    අමෙරිකාවේ ප්‍රාන්ත හතරක රෝහල්වල මුඛ ආවරණ නැවත අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ එරට තුළ කොව්ඩ්, සෘතුමය උණ සහ වෙනත් ශ්වසන රෝග වැඩිවීම හේතුවෙනි.

    නිව්යෝර්ක්, කැලිෆෝනියා, ඉලිනොයිස් සහ මැසචුසෙට්ස් හි සෞඛ්‍ය සේවා, රෝගීන් සහ සැපයුම්කරුවන් අතර මුඛ ආවරණ අනිවාර්ය කර ඇත.

    නිව්යෝර්ක් නාගරික සෞඛ්‍ය කොමසාරිස් වෛද්‍ය අශ්වින් වාසන් ඊයේ පවසා ඇත්තේ නගරයේ රජයේ රෝහල් 11 කම, සෞඛ්‍ය මධ්‍යස්ථාන 30 ක් සහ දිගු කාලීන සත්කාර පහසුකම් පහක මුඛ ආවරණ විධානය නැවත ආරම්භ කර ඇති බවයි.

    “අපට අවශ්‍ය නැතිම දේ කාර්ය මණ්ඩල හිඟය නේද? 2022 දී අපි ඔමික්‍රෝන රැල්ල ආවම දැක්ක විශාලතම ප්‍රශ්නය වූයේ මිනිසුන් අසනීප වීම පමණක් නෙවෙයි, අපට මුල් පෙළ සෞඛ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයක් COVID වැළඳී පිටව සිටීමයි” යනුවෙනි.

    අමෙරිකාවේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානයේ (CDC) මෑතදි නිකුත් වූ සතිපතා දත්ත පෙන්නුම් කළේ, දෙසැම්බර් 17-23 දක්වා අමෙරිකාව පුරා COVIDවලින් 29,000කට අධික පිරිසක් රෝහල් ගත වී ඇත.

    එය පෙර සතියට වඩා 16%කට වඩා වැඩිවීමක් බවත් එම කාලය තුළ උණ රෝගීන් 14,700 කට වඩා රෝහල්ගත කර ඇති බවත් වාර්තා කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.