වයස අවුරුදු 18 වැඩි පුද්ගලයන් බදු අංකයක් (TIN) ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම හරහා එලෙස ලියාපදිංචි වන සෑම අයකුම ස්වයංක්‍රීයව යම් බදු ගෙවීමකට යටත් වන්නේ යැයි අදහස් නොවන බව මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
වයස අවුරුදු 18 ට වැඩි අයෙකු වුවද ආදායම් බදු ගෙවිය යුත්තෙකු බවට පත්වන්නේ, ඔහු වාර්ෂිකව රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායමක් ලබන්නේ නම් පමණක් බවද රජය අවධාරණය කරයි.
කෙසේවෙතත් පෙබරවාරි පළමුවනදා සිට 18ට වැඩි සෑම පුද්ගලයෙකුම ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් අනුමැතිය ඉල්ලා සිටින අවස්ථාවකදී, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේදී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇත.
මෙලෙස ලියාපදිංචි නොවන තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමට කටයුතු කරනු ලබයි.
එහිදී රුපියල් 50,000 ක් නොඉක්මවන දඩයක්ද පනවන බව ද පහත නිවේදනයේ දැක්වේ.