ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
අද(01) දහවල් පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේබව කියා සිටියේය.
එහිදී අදහස් දක්වමින් විජේරත්න මහතා පැවසුවේ ඉන්ධන මිල සංශෝධනයට රජය කටයුතු කළද බස් ගාස්තුවල වැඩිවීමක් සිදු නොකරන බවයි.
මෙවර ඉන්ධන මිල ඉහළ දමා ඇති ප්‍රතිශතය මත බස් ගාස්තු ඉහළ දැමීමේ නීතිමය ප්‍රතිපාදන නොමැති බව හෙතම කියා සිටියේය.
අද සිට ක්‍රියාත්මක කෙරෙන ඉන්ධන සංශෝධනයේදී ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41කින්ද ඉහළ දමා තිබේ.