fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

    ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

    ත්‍රිරෝද රථ ගාස්තු අද (01) සිට ඉහළ දමා ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

    එසේ වුවද පළමු කිලෝමීටරයට අයකළ රු. 100 ක මුදල වෙනසක් නොවන බව එම සංගමය සඳහන් කරයි.

    ඒ අනුව දෙවැනි කිලෝමීටරයේ සිට අයකළ රු. 80ක ගාස්තුව රු. 100ක් දක්වා ඉහළ දමා තිබේ.

    මේ අතර ලබන මාසයේ සිට පාසල් වෑන් රථ ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් වෑන් රථ හිමියන්ගේ සංගමය පවසයි.

    එම ප්‍රතිශතයන් සමඟ දෙමාපියන් දැනුවත් කරන බව එහි සභාපති ලලිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.