ජපානයට බලපෑ රිච්ටර් මාපකය 7.6ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඒ අනුව එරට ඉෂිකාවා ප්‍රාන්තයේ වෙරළබඩ නෝටෝ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට “වහාම උස් බිම් වෙත ඉවත් වන ලෙස” ඉල්ලා සිටි බව එරට එන්එච්කේ රූපවාහිනී සේවය පැවසීය.
නෝටෝ ප්‍රදේශයට මීටර් 5ක් පමණ උස රළ ඇති විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
මේ අතර ඔවුන් අසල්වැසි Niigata සහ Toyama ප්‍රාන්ත සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති අතර එහිදී රළ මීටර් 3 දක්වා ළඟා විය හැකි බව ජපාන බලධාරීන් පවසති.