fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අසිරිමත් නත්තල් උදාවට තව හෝරා කිහිපයයි -ජේසු උපන් බෙත්ලෙහෙම නිහඬයි

    අසිරිමත් නත්තල් උදාවට තව හෝරා කිහිපයයි -ජේසු උපන් බෙත්ලෙහෙම නිහඬයි

    ලොවපුරා කිතුණු බැතිමතුන් විසින් ජේසුස් වහන්සේගේ උපත අතිඋත්කර්ශවත් අන්දමින් සමරන අසිරිමත් නත්තල අද (24) මැදියම් රැයේදී උදාවීමට නියමිත ය.

    අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 11.45ට මෙරට ප්‍රධාන දේවමෙහෙය පැවැත්වෙන්නේ හල්පේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේදීය.

    නත්තල් සමයේ දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සපයනු ලබයි. එලෙස ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවේ නම් ඒ බව දැනුම්දීමට පොලිස් මූලස්ථානයෙන් 011 247 27 57 යන විශේෂ අංකය හඳුන්වාදී තිබේ.

    මේ අතර ජේසුස් වහන්සේගේ උත්පත්තිය සිදුවූ බවට සැළකෙන බෙත්ලෙහෙම කතෝලිකයින් අතර අතිශය පූජනීය නගරයක් වුවද මෙවර එහි වෙනදා නත්තල් සැමරුම් සිදුකිරීම අත්හිටුවා තිබේ.

    අද වනවිට බෙත්ලෙහෙම පාලනය වන්නේ පලස්තීන නගරයක් ලෙසයි. මේ වනවිට ගාසා තීරයට එල්ල වන ප්‍රහාරවලට විරෝධය පළකරමින් ඔවුන් මෙවර නත්තල් සැමරුම් අත්හිටුවා තිබේ.

    මෑත ඉතිහාසයේ බෙත්ලෙහෙම් නගරය තුළ නත්තල් සැමරුම සිදු නොවන්නේ පළමු වරටය.

    නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙයි.

    මෙවර නත්තල් දිනය නිමිත්තෙන් මෙරට තුළ බන්ධනාගාරගත සිරකරුවන්ගෙන් පිරිසක් හට ජනපති සමාව ලබාදීමට තීරණය කර තිබේ.

    ඊට පිරිමි රැඳවියන් 989ක් හා කාන්තාවන් 15ක් ඇතුළත් ය.

    නිදහස් කිරීමට නියමිත රැඳවියන් ගණන පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.