තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉඩම් දෙනවා කියා සල්ලි ගැරූ කතුන් ඇතුළු 6ක් අත්අඩංගුවට

    ඉඩම් දෙනවා කියා සල්ලි ගැරූ කතුන් ඇතුළු 6ක් අත්අඩංගුවට

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ලෙස පෙනීසිටිමින් ඉඩම් ලබාදෙන බව පවසා මුදල් වංචාකරමින් සිටි කතුන් දෙදෙනෙක් ඇතුළු 6 දෙනෙක් රිදීගම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    කතුන් දෙදෙනා පොතුහැර හා දොඩම්ගස්ලන්ද යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 සහ 33 යන වයස්වල පසුවන අය බව පොලීසිය සඳහන් කරයි.

    සෙසු සැකකරුවන් සිව් දෙනා ඉබ්බාගමුව, මහවෙල හා කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 65,48 හා 27 යන වයස්වල පසුවන්නන්ය.

    මෙම සැකකරුවන් අතර සිටි තිදෙනෙක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නම සඳහන් ටී ෂර්ට් හැද සිට ඇති බව පොලීසිය කියයි.

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මෙම සැකකරුවන් ඉඩම් ලබාදීමට යැයි පවසා රුපියල් ලක්ෂය බැගින් මුදල් ලබාගනිමින් වංචාකර ඇති බව පොලීසිය කියයි.

    රිදීගම පිහිටි විහාරස්ථානයක දෙපිරිසක් ආරවුලක් ඇතිකරගෙන ඇතිි බවට පොලීසියට ඊයේ ලද තොරතුරකට අනුව එහි ගොස් කළ පරීක්ෂාවේදී මෙම පිරිස ගැන තොරතුරු අනාවරණය වී තිබේ.

    මෙම වංචාකරුවන් පිරිස විහාරස්ථානයට පැමිණ ඉඩම් ලබාදෙන බව සඳහන්කරමින් මුදල් රැස්කර ඇති බවත් ඔවුන් පැමිණි වෑන් රථයේ පවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ලෙස ස්ටිකර් පවා අලවා තිබී ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img